අ.පො.ස (සා.පෙළ) දකුණු පළාත
අ.පො.ස උසස් පෙළ නැගෙනහිර පළාත
5 වසර ශිෂ්‍යත්වය ඌව පළාත වාර්තා තබයි
I දේශපාලන වාර්තාකරු
පාසල් දරු දැරියන් මුහුණදෙන ජාතික මට්ටමේ විභාගවලදී වැඩිම ශිෂ්‍ය ප්‍රතිශතයක් සමත් වන්නේ අ.පො.ස සා.පෙළ විභාගය බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ නවතම විභාග ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව ගෙවී ගිය වසර 3 ක විභාග ප්‍රතිඵල සමීක්ෂණයේදී අ.පො.ස සා.පෙළ විභාගයට මුහුණදෙන දරුවන්ගෙන් 74.52% ක්ම විභාගය සමත් වන බව වාර්තා වෙයි. දිවයිනේ පළාත් මට්ටමින් මෙම ප්‍රතිඵලය විග්‍රහ කර බලන විට අ.පො.ස සා.පෙළ දරුවන් සමත්වීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කර ඇත්තේ දකුණ පළාතෙනි. එම ප්‍රතිශතය 78.15% කි. අ.පො.ස සා.පෙළ සමත්වීමේ අඩුම ප්‍රතිශතය වාර්තා කර ඇත්තේ උතුරුමැද පළාතෙනි. එම ප්‍රතිශතය 71% කි.
අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වීමේ ජාතික මට්ටමේ ප්‍රතිශතය 63.53% කි. එම විභාගයේ ගතවූ වසර තුනේ ඉහළම ප්‍රතිඵල පෙන්වා ඇත්තේ නැෙඟනහිර පළාතයි. එම ප්‍රතිශතය 66% කි. අ.පො.ස උසස් පෙළ අඩුවෙන්ම සමත් වන පළාත ලෙස වාර්තා වන්නේ උතුරුමැද පළාතයි. එහි උසස් පෙළ සමත් වන ප්‍රතිශතය 60.10% කි.
ජාතික මට්ටමේ පැවැත්වෙන අනෙක් විභාගය වන්නේ 5 ශිෂ්‍යත්ව විභාගයයි. ගතවූ වසර තුනේ එහි වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සමත් වූ පළාත ඌව පළාතයි. සමත්වීමේ ප්‍රතිශතය 16.50% කි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අඩුවෙන්ම සමත් වන පළාත ලෙස වාර්තා වී තිබෙන්නේ මධ්‍යම පළාතයි. එහි සමත්වීමේ ප්‍රතිශතය 11.24% කි. ජාතික වශයෙන් 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ ප්‍රතිශතය 14.64% ක් බව මෙම සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් කියයි.