I අධිකරණ වාර්තාකරු
පුරප්පාඩුව පවත්නා මහා භාරකාර තනතුරට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම විසින් ගිහාන් පිලපිටිය මහතා මහාධිකරණ සේවයෙන් නිදහස් කර ඇත.
අභිනව මහා භාරකාර තනතුරට පත්කෙරෙන ගිහාන් පිලපිටිය මහතා රත්නපුර පර්ගසන්, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් හා මහනුවර ධර්මරාජ විද්‍යාලවල ආදි ශිෂ්‍යයෙකි.
අනතුරුව කොළඹ සරසවියෙන් නීතිය පිළිබඳ උපාධිය (LLB) ලබා වර්ෂ 1999 නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූයේ රජයේ නීතිඥයකු වශයෙනි.
වසර 2003 දී මහේස්ත්‍රාත්වරයකු ලෙස අධිකරණ සේවයට පැමිණි හෙතෙම මහේස්ත්‍රාත් දිසා විනිසුරු හා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර 20ක් සේවය කර තිබේ.
ගිහාන් පිලපිටිය මහතා මහා භාරකාර ධූරයට පත්කිරීම සිදුවන්නේ අමාත්‍ය මණ්ඩලයේ විශේෂ තීරණයක් අනුවය.
මේ හැර පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ගණනාවකට ඉදිරි දෙසතිය තුළ මහාධිකරණ විනිසුරු පත්වීම් හිමිවන බවද දේශයට වාර්තා වෙයි.