I ගයාන් ගාල්ලගේ
ආණ්ඩුව ආගමික සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් යැයි පවසමින් සමාජ මාධ්‍ය මර්දනයකට තල්ලු වෙමින් සිටින බවත්, එය විපක්ෂය ලෙස එකහෙලා හෙළා දකින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
ආගම් විවේචනය සහ අපහාස කිරීමට තම පක්ෂය දැඩි ලෙස විරුද්ධ බවත්, එවන් ක්‍රියා කරන්නන් හට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, එහෙත් ඒ හරහා ක්‍රමයෙන් සමාජ මාධ්‍ය මර්දනයකට යාම ආණ්ඩුවේ ඉලක්කය වෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
එසේ කළහොත් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දැඩි ලෙස උල්ලංඝනය වනු ඇති බවද මන්ත්‍රීවරයා කීය.