I ගයාන් ගාල්ලගේ
ආගමික සහජීවනය කඩාකප්පල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් රාජ්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පසුගිය දින කිහිපයේම සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඒවා වෙත සමාජ මාධ්‍යයේ ලබාදුන් ඉඩකඩ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්, මේ පිටුපස වෙනත් කණ්ඩායමක් සිටීද යන්න සැකයක් පවතින නිසාත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට රජය විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.