2023 ජුනි 10 වන සෙනසුරාදා

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ගේ ඇමැති සිහිනය බොඳවෙයි

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:04 399

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ට දැන්ම ඇමැති ධූර ලබාදිය නොහැකි බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම බවද දේශයට වාර්තා වෙයි. අප වෙත ලැබුණු තොරතුරු අනුව එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් මෙම දැනුම්දීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ කාර්යාලයකට පෞද්ගලිකවම කැඳවා තිබිණි. අමාත්‍ය පදවි දැන්ම ලබා දිය නොහැකි වුවත් ඔවුනට ස්වකීය දේශපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෙසු පහසුකම් සලසා දිය හැකි බව ආණ්ඩුවෙන් ලැබුණු පණිවුඩයේ සඳහන් බවද දේශයට ලැබුණු වාර්තාවෙහි සඳහන්ය.