I යසවර්ධන රුද්රිගු
දැනට ගෑස් මිල අඩුව ඇති ප්‍රමාණය අනුව බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැක්කේ රුපියල් දෙකකින් පමණක් බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන පවසයි. ඔහු දේශයට අවධාරණය කළේ එලෙස රුපියල් දෙකකින් මිල අඩු කිරීම පාරිභෝගිකයාට නොදැනෙන නිසා එයින් පලක් නොවන බවයි. දැනට පවතින වාතාවරණය අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහත හෙලන ලෙසට ස්වකීය සාමාජිකයන්ට බලපෑම් කළ නොහැකි බව සභාපතිවරයා පවසයි.
බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි, මාගරින් සහ ඊස්ට් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් කිසිවක් අඩුව නැති අතර අවම වශයෙන් තිරිඟු පිටි කිලෝව රුපියල් 10 කින්වත් පහත දැමුවහොත් පාන් සහ බනිස්වල මිලද රුපියල් 10 කින් අඩු කරන බවට තමාට ප්‍රතිඥා දිය හැකි යැයි ඔහු අවධාරණය කරයි.
කෙසේ වුවද මේ පිළිබඳ දැනට සාකච්ඡා කරමින් සිටින අතර එළඹෙන සතිය තුළදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහළ හෙළීමට තමා උපරිම උත්සාහ ගන්නා බව ඔහු තවදුරටත් හෙළි කළේය.