2023 ජුනි 10 වන සෙනසුරාදා

ගුරු මාරුවේ පගාව එළුවෝ දෙන්නෙක්

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:02 181

I දේශපාලන වාර්තාකරු

ගුරුවරයකුට තමන් කැමැති ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගුරුවරයකුගෙන් එළුවන් දෙදෙනකු අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදී අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේ අදාළ ගුරුවරයා මේ බව තමන්ට සියලු නම් ගම් සහිතව ලිඛිතවම පැමිණිලි කර ඇති බවයි. මෙලෙස ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරු ලබා දීම සඳහා ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලන අධ්‍යක්ෂවරුන් ගැන වහා පියවරක් ගන්නා ලෙසද මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. ගුරු මාරුවක් එළුවන් දෙදෙනකුට හිලව් කිරීම වැනි හාස්‍යජනක නින්දා සහගත අල්ලස් ගැනීම් වහා නතර කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.