2023 ජුනි 10 වන සෙනසුරාදා

රට රස්සාවට යන්නෝ දෙගුණ වෙන්න ළඟයි

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:01 179

I දේශපාලන වාර්තාකරු

පෙර වසරවලට සාපේක්ෂව 2022 වසරේදී විදේශීය රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 37% කින් ඉහළ ගොස් ඇතැයි විදේශ අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

2015 සිට ගතවූ පෙර වසරවල වසරකට සාමාන්‍යයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ගණන 2,26,000 ක් (දෙලක්ෂ විසිහය දහසක්) පමණය. එහෙත් 2022 වසරේ එම ගණන 3,11,000 (තුන් ලක්ෂ එකොළොස් දහස) දක්වා වර්ධනය විය. මෙහිදී වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ මෙලෙස විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් 87% ක්ම කිසියම් වෘත්තීය ප්‍රවීණතාවක් සහිත වෘත්තිකයන් වීමයි. මෙලෙස විදේශ රැකියා කරන්නන්ගේ ගණන ඉහළ යාමට සාපේක්ෂව ඔවුන් මාසිකව මෙරටට එවන ඩොලර් ආදායමද මසකට ඩොලර් මිලියන 500 ක සීමාවට පැමිණ තිබේ.