I ව්‍යාපාරික වාර්තාකරු
මෙරට පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර පරිභෝජනය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි වනවිට සෑහෙන ප්‍රතිශතයකින් අඩු වී තිබේ. මේ බව සංඛ්‍යා දත්ත සහිතව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවයි.
එම වාර්තාව අනුව 2022 ජනවාරි 01දා වනවිට මෙරට එක් පුද්ගලයකුට වසරකට සහල් කිලෝ 151 ක් පරිභෝජනය සඳහා අවස්ථාව හිමි විය. එහෙත් 2023 ජනවාරි 01දා වනවිට ඒකපුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝ 129 ක් දක්වා කිලෝ 22 කින් අඩු වී තිබේ. 2022 එම කාලය තුළ මාළු පරිභෝජනය එක් පුද්ගලයකුට කිලෝ 20 ක් වූ අතර 2023 ජනවාරි වනවිට එම ගණන වසරකට කිලෝ 18 ක් දක්වා අඩු වී තිබේ. 2022 සමාන කාලය තුළ ඒකපුද්ගල සීනි පරිභෝජනය කිලෝ 30 ක් විය. 2023 ජනවාරි වනවිට එම සංඛ්‍යාව කිලෝ 24 ක් දක්වා කිලෝ 6 කින් අඩු වී තිබිණ.
මේ ආකාරයට ලොකු ලූනු, පොල්තෙල්, තිරිඟු පිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකම ඒකපුද්ගල පරිභෝජනය ගතවූ වසර තුළ සෑහෙන පමණ අඩු වී ඇතැයි මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.