I ගයාන් ගාල්ලගේ
ආණ්ඩුව විසින් ගෙන එන්නට යන විකාශන අධිකාරි පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සංගම් සමඟ අධිකරණය වෙත යාමටත්, ඊට එරෙහිව විරෝධතා දැක්වීමටත් තීරණය කර තිබේ.
එම පනත හරහා මාධ්‍ය මර්දනයක් සිදුවන බැවින් ඉදිරියේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමටද මාධ්‍ය සංවිධාන තීරණය කර තිබේ.
විශේෂයෙන් මෙම පනතට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධව කටයුතු කරන විපක්ෂයේ සියලු කණ්ඩායම් සිය ඡන්දය භාවිත කිරීමටද තීරණය කර ඇත.