2023 ජුනි 10 වන සෙනසුරාදා

ජ’පුර රෝහලේ ගාස්තු මාර ගණන්: මැති ඇමැතිගෙන් පැමිණිලි

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 54

I දේශපාලන වාර්තාකරු

ජයවර්ධනපුර රෝහල එහි ඇතුළත් වන රෝගින්ගෙන් විශාල ලෙස (බිල්පත් මගින්) මුදල් අය කරන බැවින් එහි ගාස්තු ක්‍රමය වහා සංශෝධනය කරන්නැයි ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගාමිණී ලොකුගේ, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර ඇතුළු මැති ඇමැතින් පැමිණිලි කළේ ජයවර්ධනපුර රෝහල රෝගීන්ගෙන් සෙසු පෞද්ගලික රෝහල්වලින් මෙන් විශාල ලෙස මුදල් අය කරන බවය.

එයට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ජ'පුර රෝහල අර්ධ රාජ්‍ය හා අර්ධ පෞද්ගලික රෝහලක් ලෙස පවත්වාගෙන යන බවය. කෙසේ වෙතත් එම රෝහල අධික මිල ගණන් අය කරන්නේද යන්න වහා විමර්ශනය කරන වගද අමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.