I කුසුම්සිරි විජයවර්ධන
පුරාවිද්‍යා නටබුන් සහිත භුමියක් වෙනත් යම්කිසි කටයුත්තකට නිදහස් කිරීම පුරාවිද්‍යා පනතට අනුව නීතිවිරෝධී බව අර්බුදයට තුඩු දී ඇති මුලතිව් කුරුන්දි විහාරයේ යෝජිත පුරාවිද්‍යා ඉඩම්වලින් කොටසක් නිදහස් කිරීමේ උත්සාහය සම්බන්ධව විමසීමේදී පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ දේශයට පැවසූහ.
මේ විහාරය උතුරේ ඉතා වැදගත් ස්මාරකයක් බවත් එහි මායිම් මැන ගැනීමට වංශ කතාවල සඳහන් කරුණු උපකාරී කරගත හැකි බවත්, පැවසූ උන්වහන්සේ පළමුවැනි අග්බෝ රජු තුන් යොදුන් පොල් වත්තක් කුරුන්දි විහාරයට ලබා දී තිබෙන බවත් කීහ. විහාරයේ නඩත්තුව සඳහා සේවකයන් 100 දෙනකු එවකට රජවරු පත්කර සිටි බව ඉතිහාසයෙන් හෙළිවන බවත් එල්ලාවල හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
කැබිනට් මණ්ඩලය තීරණය කළ පමණින් මෙබඳු දේපළක් අත්පත් කර ගැනීමට බැරි බවත්, රටේ උරුමය විනාශ වුවහොත් ඒවා නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි බවත් පැවසූ උන්වහන්සේ කුරුන්දි විහාරය මෙන්ම උතුරු නැඟෙනහිර සියලු පුරාවිද්‍යා ස්ථාන රුකගැනීම ආණ්ඩුවේ වගකීමක් බවද පැවසූහ.