2023 ජුනි 17 වන සෙනසුරාදා

පොහොට්ටුවෙන් පත්වී පොහොට්ටුවටම ගහනවා - සාගර කාරියවසම්

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:02 224

I දේශපාලන වාර්තාකරු

පොහොට්ටුව නියෝජනය කරමින් මැතිසබයට තේරීපත් වී දැනට කැබිනට්ටුවේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පොහොට්ටුව නියෝජනය කරන සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන් ප්‍රමුඛ ආයතන ප්‍රධානීන්ටත් තම වෘත්තිය සමිති නායකයන්ටත් අගතිදායක ලෙස ක්‍රියා කරන බව පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේය. ඔහු මේ බව දැනුම් දුන්නේ පසුගියදා ආණ්ඩුවේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද විශේෂ හමුවේදීය.

පොහොට්ටුවේ නාමයෝජනා අනුව ඇතැම් ආයතනවලට පත්කරන ලද ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට සමහර ඇමැතිවරුන් ක්‍රියා කර ඇතැයි කී සාගර කාරියවසම් මහතා තම වෘත්තිය සමිති නායකයන්ට තාඩන පීඩන කරන පොහොට්ටුවේම අමාත්‍යවරුන් සිටින බවද සඳහන් කළේය. මේ සම්බන්ධව ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කරන ලෙස පොහොට්ටුව මහලේකම්වරයා ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා තමන් ඊට මැදිහත්ව ක්‍රියා කරන බවත් එබඳු ගැටලු නිරාකරණය කරන වගත් සඳහන් කළේය.