2023 ජුනි 17 වන සෙනසුරාදා

අලි-පොහොට්ටු කටින් ගහගැනීම වහා නවත්වන්නලු

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

I ගයාන් ගාල්ලගේ

පොහොට්ටුවේ සහ එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින් ප්‍රාදේශීය ගැටලු සහ පෞද්ගලික මනාප ගැටුම් මූලික කර ගනිමින් එකිනෙකා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වහාම නවත්වන ලෙසට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ට හා එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් දැන් ජනාධිපතිවරයාද දැනුම්වත් කර තිබේ. රටේ පැවැති තත්ත්වයත්, වර්තමානයේ පවතින තත්ත්වයත් තේරුම් ගෙන රජය සහ පුද්ගලයන් විවේචනය කිරීම අත්හරින ලෙසට එම ජේෂ්ඨයන් මෙහිදී දැනුම් දුන් බව හෙතෙම සඳහන් කළේය.

මෙම මත ගැටුම දිගටම තිබුණොත් එයින් වෙනත් ගැටුමකට මුල පිරෙන බවද ඔවුන් පෙන්වා දී තිබෙන අතර වර්තමානයේ රජය ගෙන යන වැඩපිළිවෙළට දෙපාර්ශ්වයම එක්ව සහාය දිය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.