I දේශපාලන වාර්තාකරු
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සංශෝධන 33 ක් සහිතව දූෂණ විරෝධී පනත ලබන 21දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වෙයි. මෙම පනත මගින් නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පත්කිරීමට අදාළ විධිවිධානද පැනවෙන නිසා එම පනත සම්මත කෙරෙන තුරු අලුතින් අල්ලස් දූෂණ කොමිසමක් පත් නොකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.