I ගයාන් ගාල්ලගේ
දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිදු කරන සාකච්ඡා සාර්ථක වී ඇති නිසා ඉදිරි සතිය තුළ පක්ෂයේ විශාල වෙනසක් සිදුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා දේශයට පැවසීය.
ඉවත්ව ගිය පිරිසට නැවත පැමිණෙන ලෙසට පක්ෂ නායකවරයා විසින් සිදු කළ ආරාධනා හේතුවෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූ බවත් එම සාකච්ඡා සාර්ථක වූ බවත් හෙතෙම සඳහන් කළේය.
පක්ෂය නුදුරේදීම වෙනසකින් යුතුව ආරම්භ වන බව හෙතෙම කීය.