I ගයාන් ගාල්ලගේ
ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විකාශන අධිකාරී පනත බාර නොගෙන මෙම විෂය සම්බන්ධයෙන් වගකිවයුතු කණ්ඩායම් සමඟ සාකච්ඡා කර අවසන් නිගමනයකට එන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.
මාධ්‍ය ප්‍රධානීන්, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කොට යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට එකී මන්ත්‍රී කණ්ඩායම කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනු ඇතැයි එම මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කෙසේ වෙතත් විකාශන අධිකාරි පනත ගැසට් කළ වහාම අධිකරණය වෙත යාමටද සමගි ජන බලවේගය තීන්දු කර තිබේ.