I සමන්ත ප්‍රදීප් විල්තෙර
2023 වසරේ ජනවාරි සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 31 ක් වාර්තා වී ඇති බවත් ඉන් පුද්ගලයන් 20 දෙනකු මරණයට පත්ව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දේශයට පැවසීය.
මේ අතුරින් වෙඩි තැබීමේ 14 ක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙනි. ගිය වසර පුරාවට වෙඩි තැබීම නිසා පුද්ගල ඝාතන 66 ක් පමණ සිදුව තිබේ. පාතාල වෙඩි තැබිම්වලට අයත් නොවන සෙසු වෙඩි තැබීම් පෞද්ගලික කෝන්තර මත සිදු කළ ඒවා බවට අනාවරණය වී ඇතැයිද ඔහු පැවසීය.