ගයාන් ගාල්ලගේ I
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට අනුව ආණ්ඩුව විසින් ගෙන එන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය මුළුමනින්ම විරුද්ධ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.
විපක්ෂයේ මෙම විරෝධය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දීමටද විපක්ෂ නායකවරයා තීන්දු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
එළඹෙන සතියේදී පාර්ලිමේන්තුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර ඊට විරුද්ධව ඡන්දය ලබා දීමට විපක්ෂය තීරණය කර තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළහොත් විශාල ආර්ථික අභියෝගයකට ජනතාවට මුහුණ දෙන්නට සිදුවන නිසාත් එසේම ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් වැනි සේවක අයිතිවාසිකම් හිමිකම් කප්පාදු විය හැකි බවත් විපක්ෂයේ මතය වී තිබේ.