I දේශපාලන වාර්තාකරු
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ කමිටුවක සභාපතිවරයාගේ හැසිරීම සහ ක්‍රියා කලාපය ගැන කතානායක කාර්යාලයට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි දේශයට වාර්තා වෙයි.
මේ ගැන දේශය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විමසූ විට කතානායකවරයා සඳහන් කළේ තමන් වෙත අදාළ සභාපතිවරයා සම්බන්ධව නිල නොවන ලෙස පැමිණිලි ගණනාවක් ලැබී ඇති නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් අනාවරණය කළ නොහැකි බවය. ඒ ගැන ඉදිරියේදී විමර්ශනය කොට සුදුසු පියවර ගැනීමට අදහස් කරන බවද කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අතර දේශය මේ සම්බන්ධව කළ විමර්ශනයේදී අනාවරණය වූයේ අදාළ කමිටු සභාපතිවරයා තමන්ට අයත් නැති අදාළ නොවන බලතල භාවිත කරමින් යම් යම් පාර්ශ්වවලට අගතිදායක ලෙස ක්‍රියා කරන වගයි. එසේම එම කමිටුවේ සේවය කරන සේවිකාවන් පිරිසක්ද සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කර ඇති වගද සඳහන්ය.