2023 ජුනි 24 වන සෙනසුරාදා

ගෙඩි පිටින් මරාගැනීම් කුඩු ප්‍රශ්න නිසාලු

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:01 151

I ගයාන් ගාල්ලගේ

පසුගිය දින කිහිපයේදී දිවයින පුරා සිදුවූ ඝාතනවලට මුලික හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බල ප්‍රදේශ හිමිකම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් යැයි බුද්ධි අංශ පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රදේශවලට පිටින් පැමිණ වෙනත් පිරිසක් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කිරීම මෙම ගැටුම්වලට මූලික හේතු වී ඇතැයි අනාවරණ වී තිබේ. කෙසේවෙතත් ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ අඩදබර කර ගැනීම්, ඔත්තු ලබාදීම් ආදී හේතු ද ඇතුළත් බව එම පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ඩුබායි සිටින එස්.එෆ්. ජගත්, කොස්ගොඩ සුජී ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සබඳතා මේ සියලු ඝාතන පිටුපස ඇති බව හෙළි වී තිබේ. පසුගිය සිකුරාදා දිනය වන විට මේ වසරේ වෙඩි තැබීම් 37 ක් සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව 23 කි.