දේශපාලන වාර්තාකරු I
යෝජිත පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීම නිසා ඡන්ද අපේක්ෂකයන් විසින් තැන්පත් කරන ලද රුපියල් මිලියන 186 ක (කෝටි 18.6 ක) ඇප මුදල් මහා භාණ්ඩාගාරයට යොමුකර ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
යම් හෙයකින් මෙම මැතිවරණය අවලංගු කළහොත් එම මුදල් නැවතත් අදාළ අපේක්ෂකයන්ට ගෙවීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 58 කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින් අපේක්ෂකයන් 80,200 ක් පමණ නාමයෝජනා භාර දී ඇත. ඔවුන්ගෙන් තෝරාගැනීමට නියමිත සභික ගණන 8711 කි. මේ අය පළාත් පාලන ආයතන (මහ නගර සභා/ නගර සභා/ ප්‍රාදේශීය සභා) 340 ක් වෙනුවෙන් පත්කර ගැනෙති.