2023 ජුනි 24 වන සෙනසුරාදා

ජනපති ජුලි වනතෙක් ඉවසන්න කිව්වා - මන්ත්‍රී සුමන්තිරන්

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

දෙමළ සන්ධානය විසින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීම සඳහා එළඹෙන ජුලි මාසය අවසන් වන තෙක් කල් ලබා දෙන ලෙසත්, ඉන්පසු ඒවා විසඳීමට පියවර ගන්නා  බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥා දී ඇති බැවින්, එතෙක් තමන් ඉවසිල්ලෙන් බලා සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා දේශයට ප්‍රකාශ කළේය. 

තම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ධනාත්මක කාර්යභාරයක් සිදු වී නොමැති බවට දෙමළ ජාතික සන්ධානය පසුගියදා ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්  අවස්ථාවේ ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.. තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඉන්දියාවට යාමේ අවශ්‍යතාවක් නොමැති බවද, පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති හෙයින් ඔහු  ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සුමන්තිරන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විවිධ දිස්ත්‍රික්කයන්හි දෙමළ ජනතාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යම් පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.