I දේශපාලන වාර්තාකරු
ස්වාධීන මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආනන්ද රත්නායක මහතාගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා වී ඇතැයි දේශයට වාර්තා වෙයි.
එහි සෙසු සාමාජිකයන් ලෙස චන්ද්‍රවංශ පෙරේරා, දීපානි කුමාරජීව, ආචාර්ය රමේෂ් රාමසාමි සහ නීතිඥ අමීර් ෆයිස් යන මහත්ම මහත්මීගේ නම් යෝජනා වී ඇතැයි සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා රැස්විය. එහිදී මැතිවරණ කොමිසම සඳහා යෝජිත නාමයෝජනා සියල්ල සලකා බැලුන බව වැඩිදුරටත් දැනගන්නට ඇත. ඒ අතර වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ නම මානව හිමිකම් කොමිසම සඳහා යෝජනා වී ඇති බවද සඳහන් වෙයි.