I දේශපාලන වාර්තාකරු
මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත්කිරීම සඳහා පේරාදෙණිය සරසවියේ මහාචාර්ය ඉංජිනේරු එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතාගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා ඉවත් කිරීමෙන් පසු හටගත් පුරප්පාඩු සඳහා මුලින් යෝජනා වී තිබුණේ කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතාගේ නමයි. එහෙත් පසුව ඉංජිනේරු විෂය පිළිබඳ මහාචාර්යවරයකු පත් කිරීමට යෝජනා වූ අතර ඒ සඳහා මහාචාර්ය ප්‍රනාන්දු මහතාගේ නම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.