I දේශපාලන වාර්තාකරු
ළඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවටත් ඒ අනුව නව අමාත්‍යවරුන් 6 දෙනකු පත්වනු ඇති බවටත් පළවන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මේ සම්බන්ධව විවිධ මාධ්‍යවල පළවන තොරතුරු සම්බන්ධයෙන් දේශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ළඟදී නව අමාත්‍යවරුන් පත්කෙරෙන බවක් තමන්ට දැනගන්නට ලැබී නොමැති බවය. තම පක්ෂය මෙයට කලකට පෙර ජනාධිපතිවරයා වෙත අමාත්‍ය මණ්ඩලය සඳහා පත් කළ යුතු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කළ නමුත් ඉන්පසුව එම පත්වීම් ගැන තොරතුරු තමන් වෙත වාර්තා වී නැතැයිද හෙතෙම සඳහන් කළේය.