ගයාන් ගාල්ලගේ I
ගම්වල ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව තමන්ටද දැක ගැනීමට හැකිවූ බවත් ඒ නිසා රටට සත්‍ය පවසා කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් ඉක්මන් විසඳුම් ලබාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලයේ ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව තමන්ටද පෙනෙන බවත් ඒ නිසා විවිධ මත අතහැර දමා ජනතාවට ඇත්ත කීම රජයේ වගකීම බවද ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළද ජනතාවට ඇත්ත නොකීම නිසා විශාල අවාසියක් සිදුවූ බැවින් අතීතයෙන් පාඩම් ඉගෙන රටේ පවතින ආර්ථික අර්බුදයට සහ දිළිඳු බව තුරන් කිරීම සඳහා ඉක්මන් විසඳුම් ආණ්ඩුව මැදිහත්ව ලබා දියයුතු බව මන්ත්‍රීවරයා කීය.