ගයාන් ගාල්ලගේ I
පසුගිය සිකුරාදා (30) සවස රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීම වැඩි ඡන්දයෙන් අනුමත කර තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ රජයේ සැලැස්ම දෙදිනක් පුරා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය අනුමත කිරීමට පෙර ඡන්ද විමසීමක් සිදුකරනු ලැබීය.
එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැමැත්ත පළකරමින් මැති ඇමැතිවරුන් 12ක් ද ඊට විරෝධය පාමින් මැති ඇමතිවරු 5 දෙනෙක් ඡන්දය ලබාදී ඇතැයි සඳහන් වේ.
ඡන්දය විමසන අවස්ථාවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිසිදු පාර්ශ්වයකට සිය ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර එම කාරක සභාවේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනකු වන රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක යන මහත්වරු ඡන්දය ප්‍රකාශ නොකොට සභාවෙන් ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වේ.