2023 ජුලි 01 වන සෙනසුරාදා

අපි කියූ දේවල් අස්වැසුමෙන් හැලිලා - සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

I ගයාන් ගාල්ලගේ

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදය යටතේ ඇතැම් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවත් රජය තම කණ්ඩායමට පෙන්වා දුන් කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සිදුවී නැති බවත් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ සභාපති සුජීව ලක්මාල් මහතා දේශයට පැවසීය.

මේ මොහොතේ තම කණ්ඩායම ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් රජයට බලපෑම් කරන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය හරහා ජනතා මුදල් විශාල වශයෙන් අපතේ යන බවත් ඒ මහතා පැවසීය.