යසවර්ධන රුද්රිගූ I
සංගමයේ ඉල්ලීම පරිදි දිවයින පුරා මේ වනවිට පාන්වල මිල අඩුකර ඇති නමුත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට මැදිහත්වීමට තම සංගමයට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන පවසයි.
තම ඉල්ලීම පරිදි ඇතැම් බේකරි නිෂ්පාදකයන් පාන් මෙන්ම සෙසු නිෂ්පාදනවලද මිල මේ වනවිට අඩු කර තිබේ. එහෙත් අඩු නොකළ කෑම වර්ග තිබේ නම් ඒවායේ මිල පහළ හෙලීමට කටයුතු කිරීම රජය සතු වගකීමක් බව ඔහු දේශය කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
දැනට රටේ පාන් ඇතුළු කිසිදු බේකරි නිෂ්පාදනයක පාලන මිලක් ක්‍රියාත්මක නොවන අතර පාන්වලට පමණක් බර පිළිබඳ නියෝග ගැසට් කර ඇති නමුත් මිල ගැන එහි සඳහනක් නොමැති බව ඔහු කියයි. ඒ නිසා විවිධ මිල ගණන්වලට අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳ තම සංගමයට කළ හැකි දෙයක් නොමැති අතර එයට පියවර ගත යුත්තේ රජය බව ඔහු පෙන්වා දෙයි.