2023 ජුලි 01 වන සෙනසුරාදා

පාඩු ලබන ලංගම ඩිපෝ වහනවා

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

I දේශපාලන වාර්තාකරු

2025 ජනවාරි මාසය වනවිට මෙරට පවත්නා ලංගම බස් ඩිපෝ සියල්ල ලාභ ලබන තත්ත්වයට පත්විය යුතු අතර ලාභ නොලබන ඩිපෝ වසා දමන බව ප්‍රවාහන, ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.

දැනට ලංකාවේ බස් ඩිපෝ 119 ක් ක්‍රියාත්මකය. එයින් ලාභ ලබන්නේ බස් ඩිපෝ 39 කි. ලාභ පාඩු නොලබන ඩිපෝ ගණන 38 කි. එම නිසා දැනට ලාභ නොලබන ඩිපෝ ලාභ ලබන තත්ත්වයට පත්කිරීම තම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය. එසේ ලාභ ලබන ඩිපෝවල ලාභයෙන් කොටසක් ඉදිරියේදී ඒවායේ සේවක සේවිකාවන් අතර බෙදා දීම සම්බන්ධව අධ්‍යයනයක් කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01