I දේශපාලන වාර්තාකරු
සමගි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පක්ෂව විවිධ මත ප්‍රකාශ කිරීම නිසා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධයන්ට ලක්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.
පසුගියදා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ස.ජ.බ. මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබිණි. එහිදී පක්ෂයේ ආර්ථික විෂය භාරව සිටින මන්ත්‍රීන්ගෙන් එක් අයකු ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හානියක් නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට විරෝධය දක්වා ඇත. මේ සම්බන්ධව පක්ෂ මතය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සාමූහිකව ගත යුතු බවද එහිදී අවධාරණය කෙරිණි.
ඒ අනුව සමගි ජන බලවේගය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට තීන්දු කළේය.
මෙම සිදුවීමෙන් පසු දේශය ස.ජ.බ. මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විමසූ විට රජය මේ ගැන කරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බව මහලේකම්වරයා කීය. මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා ද මෙයට කලකට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නමුත් ඒ ප්‍රතිඥාව අමතක කොට දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසීම පිළිගත නොහැකි බවද ප්‍රකාශ කළේය. මේ හේතු නිසා ආණ්ඩුව මෙහිදී කොලේ වසා ගැහීමක් කරන බව තමන්ගේ විශ්වාසය බවද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.