දේශපාලන වාර්තාකරු I
2017 වසරේ සිට අක්‍රිය වී පවත්නා පළාත් සභාවල කටයුතු සක්‍රිය කිරීම සඳහා පළාත් සභාවල ස්ථාපනය කර තිබූ අමාත්‍යංශවල විෂය කාර්යයන් හා බලතල ඒ ඒ පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැවරීමේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
පළාත් සභා නීතිය අනුව එක් පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව තවත් අමාත්‍යවරැන් 4 දෙනකු පත්කිරීමට ප්‍රතිපාදන පවතී. එහෙත් පළාත් සභා විසිර යාමෙන් පසු පළාත් ඡන්ද මේ දක්වා නොපැවැත්වීම හේතුවෙන් පළාත් සභා අමාත්‍යවරුන් හා ප්‍රධාන අමාත්‍යවරයාගේ බලතල ආණ්ඩුකාරවරයා මගින් ක්‍රියාත්මක කෙරිණි.
එබැවින් පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පළාත් සභාවල අමාත්‍යවරුන්ගේ බලතල ඒ ඒ පළාත්වල පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් සුදුස්සන් තෝරා ඔවුනට පැවරීමට රජය අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී. මෙම යෝජනාවේ නීතිමය තත්ත්වය ගැන ජනාධිපති කාර්යාලය මේ වනවිට නීතිපතිවරයාගෙන්ද උපදෙස් පතා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.