නඩු ප්‍රමාදය:
I අධිකරණ වාර්තාකරු
මෙරට අධිකරණ කටයුතුවලදී අධික නඩු ප්‍රමාදයට හේතුව රටේ ජන සංඛ්‍යාවට සාපේක්ෂව අධිකරණ විනිසුරුවරුන් හා උසාවි ප්‍රමාණවත් නොවීම බව අධිකරණ සේවා කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වන ලක්ෂ 222 කට අදාළ නීති කටයුතු කිරීම සඳහා සියලු අධිකරණවල සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 399 කි. ඒ අනුව එක් විනිසුරුවරයකු පුද්ගලයන් 53,000 (පනස්තුන් දහසකට) සේවය කළ යුතු බව වාර්තා වෙයි.
එසේම දැනට රටපුරා නීති කටයුතු කිරීමට තිබෙන උසාවි ගණනද ප්‍රමාණවත් නොවන අතර අවම වශයෙන් තවත් නව උසාවි 140ක්වත් ස්ථාපිත නොකර පවත්නා නඩු තදබදය විසඳිය නොහැකි බවද අධිකරණ සේවා කොමිෂන් සභා ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.