2023 ජුලි 08 වන සෙනසුරාදා

බෝතල් - සිගරට් එපා: සමාජ මාධ්‍යයෙන් සංවිධානයක්

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

I ගයාන් ගාල්ලගේ

රජය විසින් ඉහළ දැමූ මත්පැන් සහ දුම්වැටි මිල පහළ දමන තෙක් මත්පැන් හා දුම්වැටි භාවිතය අත්හැරීමට සංවිධානාත්මක එකමුතුවක් සමාජ මාධ්‍ය හරහා ගොඩනැගෙමින් පවතින බව දේශයට වාර්තා වේ.

දැනටමත් ඒ සඳහා ෆේස්බුක් සන්ධාන රාශියක් නිර්මාණය වෙමින් පවතින අතර ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් කැමැත්ත පළ කර තිබේ.

කෙසේවෙතත් මීට පෙර රජය විසින් මත්පැන් දුම්වැටි මිල වැඩි කිරීමත් සමඟ පරිභෝජනය 40% කින් පහළ වැටුණු අතර මෙවර අලෙවිය පහළ බැසීම ඊට වඩා වැඩිවිය හැකි බව සුරාබදු බලධාරීහු පෙන්වා දෙති.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01