I ව්‍යාපාරික වාර්තාකරු
ප්‍රවාහන සේවාවන් සපයන ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මණ්ඩලයකට අයත් වාහන 5000 කට පමණ අවශ්‍ය ටයර් සැපයුම වසර 25 ක් තිස්සේම එකම සැපයුම්කරුවකුට පවරා දී ඇතැයි දේශයට වාර්තා වෙයි.
මෑතකදී අදාළ විෂය භාර අමාත්‍යංශය මගින් කරන ලද විගණන විමර්ශනයකදී මේ බව අනාවරණය වී තිබේ. අනතුරුව අමාත්‍යංශය මෙම ඇණවුම අවලංගු කොට විවෘත ටෙන්ඩර් ක්‍රමයක් මගින් ටයර් සැපයුම සඳහා පියවර ගන්නැයි අදාළ මණ්ඩලයට නියම කළේය. එහිදී ලැබුණු ටෙන්ඩරවල මිල ගණන් සලකා බැලීමේදී වසර 25 ක් තිස්සේ ටයර් සැපයූ සැපයුම්කරු ටයරයකට නියම කළ මිලට වඩා රු. 2000/- ක් අඩුවෙන් ටයර් සැපයීමටත් එම ටයර් වර්ගය කලින් සැපයුම්කරුගේ ටයරයකට වඩා කිලෝමීටර් 8000 ක් පමණ වැඩිපුර භාවිත කළ හැකි බවත් හෙළිදරව් වී ඇතැයි අදාළ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් දේශයට කීය.
මේ නිසා ඉදිරියේදී විවෘත ටෙන්ඩර ක්‍රමයට ටයර් මිලදී ගැනීමට අදාළ රාජ්‍ය මණ්ඩලය ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය.