2023 ජුලි 15 වන සෙනසුරාදා

දොස්තරලාට ජීවිත තර්ජන!

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 158

 I ගයාන් ගාල්ලගේ

බාල ඖෂධවලින් රෝහල්වල ප්‍රතිකාර කටයුතු කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවල ජීවිත තර්ජනයට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දේශයට පැවසීය.

බාල ඖෂධ නිසා රෝහල්වල බරපතළ ගැටලු හටගෙන ඇති බැවින් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ ගැටෙන්නට යාම නිසා මෙලෙස ජීවිත අවදානමකට ලක්ව ඇති බව හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා අතර මෙම ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදු කරන නිසා ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් හටගෙන ඇති බව ඒ මහතා කීය. කෙසේවෙතත් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් වෛද්‍යවරුන්ට නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.