2023 ජුලි 15 වන සෙනසුරාදා

ලන්සලාගේ මන්ත්‍රී හවුලේ නායකත්වය අනුර යාපාට?

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:02 230

I දේශපාලන වාර්තාකරු

නිමල් ලන්සා ප්‍රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

මන්ත්‍රී එකතුවට සම්බන්ධ ප්‍රකාශකයකු දේශයට සඳහන් කළේ දැනට තම කණ්ඩායම සමඟ මැතිසබයේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීන් 40 ක් පමණ සිටින බවයි. මෙම පිරිස ඉදිරියේදී රැස්වී නිල වශයෙන් සන්ධානගත වීමට අපේක්ෂා කරන අතර ඔවුන් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙනු ඇතැයිද සඳහන්ය.