I දේශපාලන වාර්තාකරු
සෞඛ්‍ය සේවාවේ වගකීම රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව ජීවත් කරවීම වුවත් දැන් ක්‍රියාත්මක වන්නේ මිනිසුන් මරණ සෞඛ්‍ය සේවයක් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ ඖෂධ හා එන්නත් විෂවීම් නිසා වටිනා මනුෂ්‍ය ජීවිත ගණනාවක් රටට අහිමි විය. මෙම විපතට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන් බාල බෙහෙත් වර්ග කොමිස් පිට මිලට ගැනීම බවද ඔහු සඳහන් කළේය. මේ ආණ්ඩුව කිසිදු වගකීමකින් තොරව මෙම මරණ සම්බන්ධව හාස්‍යජනක පිළිතුරු ලබාදෙමින් සිටියි. ඒ සමඟ රටේ සමස්ත සෞඛ්‍ය සේවාව විපතට පත්කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.