2023 ජුලි 15 වන සෙනසුරාදා

ජනපති හා දෙමළ සන්ධානය අතර විශේෂ හමුවක්

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 48

I දේශපාලන වාර්තාකරු 

උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දමිළ මන්ත්‍රීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ලබන 18දා (අඟහරුවාදා) සවස 3.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම හමුව යොදාගෙන ඇත්තේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට එකඟ විය හැකි කරුණු ගැන සාකච්ඡා කිරීමට බව රජයේ ආරංචි මාර්ග කියයි.

දැනටමත් මේ හමුව සඳහා එම ප්‍රදේශවල මන්ත්‍රීන්ට ඇරුයුම් කර තිබේ.