2023 ජුලි 15 වන සෙනසුරාදා

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ට වගකීම් පවරයි

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

I ගයාන් ගාල්ලගේ

රජයේ අමාත්‍ය ධූර නොලැබුණු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සඳහා නැවත පක්ෂය නගා සිටුවීමේ වැඩසටහනේ වගකීම් පැවරීමට එම පක්ෂය විසින් තීරණය කර තිබේ.

විශේෂයෙන් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙලෙස වගකීම් පැවරීමට තීන්දු කර ඇති අතර ඒ සියලු වැඩසටහන් පොහොට්ටුව නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කරන වග සඳහන් වේ.

කෙසේවෙතත් එම ජ්‍යෙෂ්ඨයන් විසින් ලබන වසරේදී මහ මැතිවරණයක් බලාපොරොත්තු වන බවද දැනගන්නට ඇත.