I ගයාන් ගාල්ලගේ
ජලය ලීටරයක් නිෂ්පාදනය සඳහා ශත 7ක් වැය වෙතත් දැනට ජල ලීටරයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ ශත 2කටයි. ඒ නිසා ලීටරයකට ශත 5ක පාඩුවක් සිදුවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දේශයට කීය.
මේ නිසා ජල ගාස්තුව ලබන මස සිට ඉහළ දමන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බවත් එහිදී වැඩියෙන් ජලය පරිභෝජනය කරන අයගෙන් වැඩියෙනුත් අඩුවෙන් ජලය පරිභෝජනය කරන අයගෙන් අඩුවෙනුත් අයකර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.