2023 ජුලි 22 වන සෙනසුරාදා

බලය බෙදීමේ රජයේ යෝජනාවට සජබෙන් කොන්දේසි

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

I දේශපාලන වාර්තාකරු

බලය බෙදීම සඳහා දේශපාලන පක්ෂවල එකඟතාව ඉල්ලා සිටීමට පෙර රජය ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනාව රට හමුවේ තැබිය යුතු බව ස.ජ.බ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

පසුගියදා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ පූර්ණ එකඟතාව ලැබෙන්නේ නම් පමණක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ හැකි බව පැවසීය. ඒ ගැන සමගි ජන බලවේගයේ මතය විමසූ අවස්ථාවේ ස.ජ.බ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කීවේ බලය බෙදීම සඳහා වන යෝජනාව ප්‍රකාශයට පත් කළ පසු ඒ ගැන සිය පක්ෂ මතය ප්‍රකාශ කරන බවයි.