2023 ජුලි 29 වන සෙනසුරාදා

බේත් මිලට ගැනීම්: එකට තුන්ගුණයක් ගෙවලා - වෛද්‍ය චමිල් විජේසිංහ

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03 76

 සුගත් පී කුලතුංගආරච්චි I

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ ලබා ගැනීමේදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගන්නවාට වඩා තුන්ගුණයක පමණ වියදමක් දරා අනුකාරක ඖෂධ (Duplicate) පවා මේ වනවිට මිලදී ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දෙයි. මේ හේතුවෙන් ගිය වසරේ කෝටි සිය ගණනක පමණ පාඩුවක් රජයට දරන්නට සිදු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.මේ වසරේ තවත් හදිසි මිලදී ගැනීම් 630 කට අනුමැතිය ලබා දී ඇති අතර මේ වනවිට එලෙස ගෙන්වූ ඖෂධවලින් 67ක් තාවකාලිකව නවතා හෝ තහනමටද ලක්කර හමාරය.

ඒ අනුව මේ වසරේදී රජයට ගිය වසරටත් වඩා විශාල පාඩුවක් දැරීමට සිදුවිය හැකි බව ඔහු පෙන්වා දෙයි. මෙලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන අරමුදල් මේ ආකාරයට මුදල් විනාශ වීම වැළකීමට නම් ඖෂධ නියාමන පනතේ විධිවිධාන නිසි පරිදි බලගැන්විය යුතුව ඇති බවද ඔහු අවධාරණය කරයි.  

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01