දේශපාලන වාර්තාකරු I
දුම්රිය සේවාවෙන් දිනපතා ලැබෙන ආදායමින් සිදු කළ හැක්කේ දුම්රියවලට ඉන්ධන ගැසීම පමණක් බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය. එම නිසා ආදායම් ප්‍රවර්ධනයත් කළමනාකරණ කාර්යක්ෂමතාව ඇති කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංවිධානයක් කළ යුතුම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
2021 වසරේදී දුම්රිය සේවය ලද සමස්ත ආදායම රුපියල් කෝටි 260 කි. (බිලියන 2.6කි) එයින් රුපියල් කෝටි 230 ක් (රු.බිලියන 2.3) වැය කරන ලද්දේ සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමටය. ඊට අමතරව තවත් රුපියල් කෝටි 700 (බිලියන 7ක්) සේවක වැටුප් සඳහා වැය කරන්නට සිදුවිය.
එහෙත් 2022 වසරේ දුම්රිය සේවාවේ ආදායම රුපියල් කෝටි 1100 (බිලියන 11ක් දක්වා) වැඩි වූ නමුත් දැනටත් වසරකට දුම්රිය සේවය රුපියල් කෝටි 800 ක් (බිලියන 8ක්) පාඩු විඳින බැවින් මහා ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.