චමිඳු නිසල් ද සිල්වා I
මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේදී සිය විමර්ශන කටයුතු කෙසේ සිදු කළ යුතුද යන කරුණු සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අංශ ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවීමට තීන්දු කර ඇත.
මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ප්‍රකාශ කළේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමේ කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දේශය ඔහුගෙන් සිදු කළ විමසීමකදීය. තමා ඇතුළු කමිටු සාමාජිකයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබාගැනීමට තීරණය කරන ලද්දේ පක්ෂග්‍රාහී බවකින් තොරව විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා බව කාරියවසම් මහතා අවධාරණය කළේය.
විශ්වවිද්‍යාල හා ආර්ථික අංශ ප්‍රධානීන් සිය කමිටුවට පැමිණි පසු කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වන මාර්ග සැලැස්ම සැකසීම එම විද්වතුන්ට පැවරීම තම අරමුණ බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.