2023 ජුලි 29 වන සෙනසුරාදා

ජනපතිවරණයට තවම මුදල් වෙන්කර නෑ

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

I දේශපාලන වාර්තාකරු

ලබන වසරේ පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය සඳහා මූල්‍ය ඇස්තමේන්තු සකස් කිරීම මෙතෙක් ආරම්භ කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. එම ඇස්තමේන්තු සකස් කරන්නේ මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිෂන් සභාවට 2023 අයවැය සම්බන්ධව එවනු ලබන විශේෂ චක්‍රලේඛය ලැබීමෙන් පසුවය. එහෙත් මෙතෙක් එවන් චක්‍රලේඛයක් ලැබී නොමැති බැවින් මූල්‍ය ඇස්තමේන්තු සකස් කිරීමත් සිදු නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

එම විශේෂ චක්‍රලේඛය ලබන මාසයේදී පමණ ලැබෙනු ඇති බවත් ඉන්පසුව ජනාධිපතිවරණයට අදාළ ඇස්තමේන්තු සකස් කෙරෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01