2023 ජුලි 29 වන සෙනසුරාදා

එජාප ප්‍රතිසංවිධානය සැප්තැම්බරයේ

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

එක්සත් ජාතික පක්ෂය නව මුහුණුවරකින් ජනතාව අතරට ගෙන ඒම සඳහා ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන පක්ෂ සමුළුව හරහා ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එහි සියලු කටයුතු භාර දී ඇත්තේ සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත බව සඳහන් වේ.

එසේම එදින පක්ෂය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හය දෙනකු පත් කිරීමට නියමිත අතර වජිර අබේවර්ධන, රවී කරුණානායක, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර  ඇතුළු පිරිසක් පත්කිරීමට නියමිතව ඇත. එසේම පක්ෂයේ අනෙකුත් නිලතලද වෙනස් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01