2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

මිහින්තලේ විදුලිය කැපීම වරදක් කඩිනම් විසඳුමක් දෙන්න - මහින්ද රාජපක්ෂ

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:02 608

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවට බුද්ධාගම ගෙන එන ලද බෞද්ධයාගේ ප්‍රධානතම බෞද්ධ උරුමයන් සහිත මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කිරීම වැරදි සහගත ක්‍රියාවක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. විහාරස්ථානයේ විදුලිය බිල ගෙවා නොමැති නම් එය කොටස් වශයෙන් හෝ ගෙවීමට අවකාශ සලසන ලෙස තමන් විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරී තිබේ. ඒ ගැනද සලකා බලා මෙරට පළමු බෞද්ධ කේන්ද්‍රස්ථානය වන මිහින්තලා පුදබිමේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ යුතු බව තමන්ගේ මතය යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:01