ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
මේ වසරේ ගතවූ මාස 6 ක කාලය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 450ත් 500ත් අතර සංඛ්‍යාවක් සේවයෙන් ඉවත්ව ගොස් ඇත. මෙම තත්ත්වය නිසා දිවයිනේ බොහෝ විශ්වවිද්‍යාලවල වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම, පශු වෛද්‍ය වැනි පීඨ පවත්වාගෙන යාමේ අර්බුදයක්ද හටගෙන ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන දේශයට පැවසීය.
ආචාර්ය හිඟයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඌව වෙල්ලස්ස හා උතුරු නැඟෙනහිර සරසවිවලට යැයි අවධාරණය කළ ඔහු . මෙය බරපතළ අර්බුදකාරී තත්ත්වයක් බවද සඳහන් කළේය.
දිවයිනේ විශ්වවිද්‍යාල සඳහා සාමාන්‍යයෙන් ආචාර්යවරුන් 11,000කට අධික සංඛ්‍යාවක් සිටිය යුතු වුවද වර්තමානයේ සිටින්නේ 6,200ක් වැනි සංඛ්‍යාවක් යැයි පැවසූ මහාචාර්යවරයා මේ වනවිට ආචාර්යවරුන් 4000කට අධික සංඛ්‍යාවක හිඟයක් ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.